රටම කම්පා වී රත්ගම කලපුවේ පාවෙමින් තිබියදී හමුවූ නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන්ගේ කුටියෙන් හමු වූ දේ
Friday, 11 December 2020 - 13:07 | Views - 1,349

රත්ගම කලපුවේ තිබියදි සොයාගත් පොල්ගස්දුව ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටි නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන්ගේ මළසිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වු කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ජානකී වරුෂාහැන්නදි මහත්මිය වැඩිදුර පරික්ෂණ සඳහා සිරුරේ කොටස් වෛද්‍ය පර්යේෂණාතනය වෙත යවා වාර්තාව ලැබුන පසු මරණයට හේතුව ප්‍රකාශ කරන බව පවසා ඊයේ (10)සවස විවාත තින්දුවක් ප්‍රකාශ කළා.
මෙම හිමියන්ගේ දේහය රත්ගම කලපුවේ තිබියදි ඉකුත් 8වනදින සවස සොයා ගන්නා ලද අතර දේහයේ දෙපා ගැටගසා ගල්ද එල්ලා තිබුනා.සිද්ධිය වාර්තාවිමත් සමග රත්ගම පොලිස් නිලධාරින් පැමිණ දේහය ගොඩටගෙන ආරක්ෂාව සළසා තිබු අතර ගාල්ල කොට්ඨාස අපරාධ පරික්ෂණාගාරයේ පොලිස් පරික්ෂක කාරියවසම් මහතා ඇතුලු නිලධාරින් කණ්ඩායමක් ගොස් විද්‍යාත්මක සාක්කි එක්රැස් කර තිබෙන බවත් සඳහන්.
පසුව පෙරේදා (09) උදෑසන ගාල්ල මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා එම ස්ථානයට ගොස් මුලික මහේස්ත්‍රාත් පරික්ෂණය පවත්වා පශ්චාත් මරණ පරික්ෂණය සඳහා දේහය කරාපිටිය රෝහලට රැගෙන යාමට නියෝග කර තිබෙනවා.
ඒ අනුව දේහය කරාපිටිය රෝහලට ගෙනැවිත් පළමුවෙන්ම පී.සි.ආර්.පරික්ෂණය සිදු කරන ලද අතර එහිදි අනාවරණයවි ඇත්තේ එම හිමියන්ට කොරෝනා ආසාදනය වී නොමැති බවයි. පසුව පශ්චාත් මරණ පරික්ෂණය සිදු කර තිබෙනවා.
මේ පිළිබඳ පරික්ෂණ පවත්වන පොලිස් කණ්ඩායමක් මෙම හිමියන් වැඩ සිටි කුටියේ තිබි ජංගම දුරකථන දෙකක් මෙමරි කාඩ්පත් 11ක් හඬ පටිගත කිරිමේ යන්ත්‍ර දෙකක් විදේශ ගමන් බලපත්‍රය සොයා ගත් බව ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විකුම් ගිනිගේ මහතා පවසනවා.
එයට අමතරව එම ආරණ්‍ය සේනාසනයේ වැඩ වැඩ සිටින භික්ෂුන්වහන්සේලා කිහිප නමකගෙන්ද ආවතේවකරුවකුගෙන්ද ආරණ්‍යභුමියේ ඉදිකිරිම් කරන ලද පෙදරේරුවෙකුගෙන්ද දායක සභාවේ කිහිප දෙනෙකුගෙන්ද ප්‍රකාශ ලබාගත් බවද ජෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පවසනවා.
නෙදර්ලන්තයේදි 1961 මැයි 31 වන දින උපත ලබා (Antonius Girabus Johannes ) නමින් ගිහි ජිවිතයේ සිට පසුව පළමුවෙන්ම තායිලන්තයේදි 1987දි පැවිදි දිවියට ඇතුලත්ව පසු කලෙක ලංකාවට පැමිණ නෙදර්ලන්තයේ ජිනවංශ නමින් පොල්ගස්දුව ආරණ්‍ය සේනාසනයේ භාවණානුයෝගව සිට ඇති බවද සඳහන්.
උන් වහන්සේ කුටියේ සිට තනියම ඔරුව පැදගෙන ගොඩ බිමට වැඩම කොට පිඬුසිඟා වඩින බවද පරික්ෂණවලදි අනාවරණය වී තිබෙනවා.
Share This Article